වැසෙන කවුළුව ©https://www.unep.org (2022 04 05 දින) තැටිය හොඳටම රත්වී තිබුණත් කාටවත් වගේ වගක් නැති ගානයි. රට ඇතුලේ ඉන්ධන, ගෑස්, පොහොර, කිරිපිටි ආදී තව තව පෝලිම් වල ජනතාවට පොරකන්නට සිදුවී තිබෙනවා. ඒ අතර පැය හය හතක් විදුලිය නොමැති කම නිසා ජරමර. ඒ අතර රුසියා - යුක්‍රේන යුද්ධයත් ඇවිලෙනවා. ඉතින් දේශීය වශයෙනුත් අපිට අර්බුද ගොඩක්. ඒ වගේම අන්තර්ජාතික වශයෙනුත් අර්බුද ගොඩක්. ඒ නිසා අපිට මේ මුළු මිහිතලයේම පැවැත්මට අභියෝගයක් වෙලා තියෙන ගෝලීය අර්බුදය ගැන හිතන්න වෙලාවක් නෑ වගේ. නමුත් ඒ ගෝලීය අර්බුදය, එහෙමත් නැත්නම් දේශගුණික විපර්යාසය අපි හිතනවාටත් වඩා වේගයෙන් අපගේ අවසානය ළඟාකරමින් ඉන්න බව පසුගියදා සාක්ෂි සාධක සහිතව විද්‍යාත්මකව අනාවරණය වුණා. ඒ එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලයේ ( Intergovernmental Panel on Climate Change - IPCC) ක්‍රියාකාරී කණ්ඩායම් අංක දෙක මගින් පහුගිය පෙබරවාරි 28 වැනිදා නිකුත් කරපු දේශගුණික විපර්යාස සඳහා හේතු , බලපෑම් සහ ප්‍රයෝගික විසඳුම් ඉස්මතු කරමින් නිකුත් කරපු නවතම වාර්තාව මගින්. විද්‍යාඥයින් සහ පර්යේෂකයින් 270 කගෙන් සමන්විත මෙම ක්‍රියාකාරී කණ්...
Posts
Showing posts from March, 2022
- Get link
- X
- Other Apps
දේශපාලන අම්බරුවනේ අසාපන්! ( 2022 03 01 දින ) ශ්‍රී ලංකාවේ වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ සහ වන සංරක්ෂණ ආඥා පනතේ බලතල යටතේ ප්‍රකාශයට පත්කරලා තියෙන රක්ෂිත ප්‍රදේශ වලට ගෘහාශ්‍රිත සතුන් ඇතුළු කිරීම එම අනපනත් මගින් සීමා කර තිබෙන්නේ ශක්තිමත් විද්‍යාත්මක පදනමක් මත පිහිටායි. නමුත් එම නීති ඉරා දමමින් ආණ්ඩුව අපේ රටේ පිහිටා තිබෙන වන හා වනජීවී රක්ෂිත ලෙස නම්කර ඇති සංවේදී පරිසර පද්ධතීන් තුලට ගවයින් ඇතුලත් කිරීමට අවසර ලබාදීමට සූදානමක් පවතින බවට චෝදනා එල්ල වෙනවා. මේ රට පාලනය කරන දේශපාලන අම්බරුවන්ගේ පසුගිය කල්ක්‍රියා දෙස හැරී බලන විට එවන් ගොං තීරණයක් ගැනීමට ඔවුන් පසුභට නොවෙතැයි හිතන්නට සාධාරණ හේතුවක් නැහැ. ඒ නිසා එවැනි අමනෝඥ තීරණයක් මගින් ඇතිවිය හැකි ඵලවිපාක පිළිබඳව කල් ඇතිව මතක්කර දීම වැදගත් කියලා ලියුම්කරුට හිතෙනවා. ශ්‍රී ලංකාවේ දැනට ඉතිරිවෙලා තියෙන ඉතා වැදගත් සහ සංවේදී පරිසර පද්ධතීන් අතලොස්සත් විවිධ හේතු නිසා වැනසී යමින් පවතින බව අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. එවැනි පසුබිමක එම පරිසර පද්ධතීන් වලට හීලෑ ගවයින් ඇතුළු කිරීමට නීත්‍යානුකූලව ඉඩ ලබා දුන්නොත් දැනට සිදුවෙමින් පවතින විනාශය වේගවත් ...
- Get link
- X
- Other Apps
තිත්ත සීනි! © නයනජීව බණ්ඩාර ( 2022 02 22 දින ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වර්තමාන ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහත්තයා බලයට පත්වුණේ බහුතර සිංහල බෞද්ධ ඡන්ද වලින් කියලා ඒ මහත්තයාම විවිධ තැන්වල කියලා තියෙනවා. ඔහු බලයට ආපු අලුත කොල්ලෝ කුරුට්ටෝ තාප්පයක් තාප්පයක් නෑර ඇන්ද චිත්‍ර වලත් පෙනෙන්න තිබුණේ සිංහලකම, බෞද්ධකම, ශ්‍රී ලංකාවේ අතීත ශ්‍රී විභූතිය, අධිරාජ්‍යවාදීන්ට එරෙහි නිදහස් සටන් ආදීය. නමුත් එහෙව් ජනාධිපතිවරයෙක්ගේ පාලන කාලය තුල ඌව වෙල්ලස්සේ පාරම්පරික ගැමි ජනතාවට තමන්ගේ ඉඩම් විදේශීය කොම්පැණිකරුවන්ගෙන් බේරාගැනීමට නැවතත් අරගල කරන්නට සිදුවීම දෛවයේ සරදමක්. අම්පාර , මොණරාගල හා බදුල්ල දිස්ත්‍රික්ක තුනට අයත් අක්කර 62500ක් තරම් විශාල භූමි ප්‍රමාණයක උක් වගා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා විදේශීය සමාගමකට පවරන්න මේ වෙනකොට සියලු සැළසුම් සකස්කරලා ඉවරයි. ඒ විතරක් නෙවෙයි අදාළ උක් කර්මාන්තශාලාව ඉදි කිරීමට බිබිල සහ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් ඇකිරියන්කුඹුර හා දෙහිගම කියන ග්‍රාම සේවා වසම් වල පවුල් 169ක් පමණ ජීවත්වූ පාරම්පරික වාසභූමි අක්කර 575 ක් අයි.එම්.එ...
- Get link
- X
- Other Apps
උන්මන්තකයෝ ( 2022 02 15 දින ) අපි පසුගිය සතියේ හොයලා බැලුවේ මල්වතු මහානායක හාමුදුරුවෝ කියපු අපේ රටේ පරිසර විනාශයන්ට අනුබල දෙන, නීතිය ක්‍රියාත්මක කිරීමට බාධා කරන විශේෂිත පුද්ගලයින් කවුරුන් විය හැකියිද කියලා. මේ සතියේ අපිට හොයලා බලන්න සිද්ධවෙලා තියෙන්නේ වනාන්තර ආශ්‍රිත මාර්ග වල දිවා රෑ දෙකේ අසරණ වනසතුන්ට අඩන්තේට්ටම් කරමින් පහත් වින්දනයක් ලබන උන්මන්තකයින් ගැන, කොටින්ම කියනවා නම් පිස්සන් ගැන. ඒ වචන භාවිතයෙන් සැබෑ මානසික රෝගීන්ට අපහාසයක් නොවිය යුතුයි. නමුත් මේ ආකාරයෙන් වන සතුන්ට ඔවුන්ගේ වාසභූමි වෙතටම ගොස් හිංසාකර පාහර සතුටක් ලබන අසහනකාරයින් හඳුන්වන්න වෙන සුදුසු නමක් ඇත්තේ නැහැ. මේ සටහන තබන්නට ආසන්නතම හේතුව හබරණ ප්‍රදේශයේදී යම්කිසි පුද්ගලයෙකු රාත්‍රියේ මාර්ගයේ සිටි අලි පැටියකුට හිංසා කරමින් පහත් විනෝදයක් ලබන දර්ශන පෙළක් සහිත වීඩියෝවයි. මේ වනවිට ඔහුට විරුධව නීතිය ක්‍රියාත්මක වී තිබුණත් මේ එවැනි අවාසනාවන්ත සිදුවීමක් සිදුවූ මුල්ම හෝ අවසන් අවස්ථාව නම් නොවෙයි. ශ්‍රී ලංකාවේ වනජීවීන් සහ ඔවුන්ගේ ස්වභාවික වාසස්ථාන ආරක්ෂා කරන්න රජයෙන් වෙන්කරන ලද භූමි භාග වර්ගයක් තමයි ජාතික උද්‍යාන. ඒවායේ සංචාරය කර...
- Get link
- X
- Other Apps
විශේෂිත පුද්ගලයෝ © https://www.lankaleadnews.com (2022 02 01 දින) පරිසරය රැකගැනීම සඳහා කොපමණ නීති තිබුණත් ඒවා නිසි පරිදි ක්‍රියාත්මක වීමේ අඩුවක් පෙනෙන්නට තිබෙන බව මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හාමුදුරුවෝ පහුගිය දවසක කියලා තිබුණා. බහුතරයක් පරිසර හානි සිදු කරන්නන් හට විශේෂ පුද්ගලයන්ගේ රැකවරණය ලැබෙන ආකාරයක් දක්නට තිබෙන බවත් උන්වහන්සේ වැඩි දුරටත් කියලා තිබුණා. ඇත්තටම අපේ රටේ වර්තමානයේ සිදුවෙන පරිසර විනාශයන්ගේ නිමක් නැහැ. ඒවාට එරෙහිව නීතිය ක්‍රියාත්මකවෙන පාටක් පෙනෙන්නත් නැහැ. වැරදිකරුවන් කිසිම පැකිලීමක් නැතුව නිදැල්ලේ හැසිරෙන බවක් නම් පෙනෙන්න තිබෙනවා. මල්වතු මහානායක හාමුදුරුවෝ කියන්නා වාගේ මේ පරිසර විනාශයන්ට අනුබල දෙන, නීතිය ක්‍රියාත්මක කිරීමට බාධා කරන විශේෂිත පුද්ගලයින් කවුද? ශ්‍රී ලංකාවේ හතර දිග්භාගයේ වනාන්තර එළි පෙහෙළි වෙන්නේ කිසිම බාධාවක් නැතුව. වන සතුන් ඝාතනය කිරීම්, ස්වභාවික සම්පත් අනවසරයෙන් අත්පත්කර ගැනීම්, පරිසර දුෂණය වගේ එකී මෙකී නොකී අතවරයන් සොබාදහම් අම්මා කෙලෙසා දමමින් සිටින්නේ කිසිම පැකිලීමක් නැතිව. විවිධ දේශපාලුවන...
- Get link
- X
- Other Apps
කාන්තාව හා දේශගුණ අභියෝගය © https://ensia.com (2022 01 18 දින) දේශගුණ විපර්යාසය හේතුවෙන් මිනිස් වර්ගයා වෙත එල්ලවී ඇති බලපෑම් ගැන කතා අභයභූමියේ සිට ලියන්නට ලියුම්කරුගේ සිත යොමු වුණේ අපේ රටේ ජනතාවගේ දේශගුණ සාක්ෂරතාවය පවතින්නේ ඉතා පහළ අඩියක නිසයි. දේශගුණ විපර්යාසයේ බලපෑම් ගැන කතා කිරීමේදී කාන්තාවන්ට එල්ලවී ඇති බලපෑම පිළිබඳවත් විශේෂයෙන් අවධානය යොමුකළ යුතුයි. ඒ මොකද බොහෝ විට පවුල් ඒකකයන්ට දේශගුණ විපර්යාසයේ බලපෑමෙන් එල්ලවන පීඩනයේ අවසන් ගොදුර බවට පත්වන්නේ කාන්තාවන් හා කුඩා ගැහැණු දරුවන් වන නිසා. දේශගුණ විපර්යාසයේ බලපෑම නිසා ඇතිවන සමාජාර්ථික පීඩනයේ ගොදුරු බවට පත්වන කාන්තාවන් හා කුඩා ගැහැණු දරුවන් මුහුණ දෙමින් සිටින අඳුරු ඉරණම පිළිබඳව දැන් දැන් සිටම අවධානය යොමුකර ඊට පිළියම් සෙවීම අත්‍යාවශ්‍යයි. 2016 අප්‍රේල් මාසේ 22 වන දින රටවල් 175 ක් අත්සන් තැබූ පැරිස් දේශගුණ සම්මුතිය තුලත්, දේශගුණික විපර්යාස පිළිබඳව ක්‍රියාත්මක වීමේදී ස්ත්‍රී-පුරුෂ සමාජභාවය (gender-sensitive actions) පිලිබඳ අවධානය යොමු කර ඇත්තේද මේ හේතුවෙන්. තම පවුලේ සාමාජිකයන්ගේ දෛනික අවශ්‍යතාවයන් සඳහා ඉන්දන ලෙස දර සපයාගැනී...
- Get link
- X
- Other Apps
අත්වැල්තොට අපලය (2022 01 11 දින) අපූරු පරිසර පද්ධතියක ප්‍රධාන අංගයක් වගේම ප්‍රදේශයේ ග්‍රාමීය ප්‍රජාවගේ ආර්ථිකයට ශක්තියක් සැපයූ සංචාරක ගමනාන්තයක් වුණු අත්වැල්තොට පීලිතුඩ ඇල්ල දියඇල්ල විනාශ කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පෞද්ගලික කොම්පැනිකාරයෙකුට අවසර ලබා දීම ගැන ලියුම්කරු මුලින්ම පත්තරේට ලියුවේ මීට අවුරුදු ගණනාවකට ඉස්සර. පීලිතුඩ ඇල්ල හරස් කරමින් කුඩා ජල විදුලිබලාගාර ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට පෞද්ගලික සමාගමක් විසින් ඒ කාලේ ඉදිරිපත් කරලා තිබුණු ව්‍යාපෘති යෝජනාවකට අවසර ලබා දීම මගින් තමයි මෙම විනාශය සිදුවීමට නියමිතව තිබුණේ. මේ කුඩා ජල විදුලිබලාගාර ව්‍යාපෘතිය මගින් මෙගා වොට් 1.5 ක ජල විදුලියක් නිපදවීමට බලාපොරොත්තු වුණා. නමුත් ඒ හේතුවෙන් එතෙක් පරිසරයට හානියක් නොකර ප්‍රදේශයේ ග්‍රාමීය ජනතාව විසින් සිදුකරගෙන ගිය සංචාරක කර්මාන්තය ඇනහිටීමෙන් ඔවුන් කබලෙන් ලිපට විසිවෙන අතරම ඔවුන්ගේ ජල අවශ්‍යතා ඉටුකරගැනීමේදී ද ගැටළු ඇතිවන බව පරිසරවේදීන් පෙන්වා දුන්නා. ඒ මදිවට මේ වෙනකොට ඔය කියන ඉසව්ව අධික නායයෑම් අවධානමක් ඇති ප්‍රදේශයක් හැටියටත් හඳුනාගෙන තිබුණත් අත්වැල්තොට ...
- Get link
- X
- Other Apps
වන අලි කළමනාකරණ ප්‍රදේශ © https://ceylonnews24.com ( 2022 01 04 දින ) වලව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානය ආයෙත් තමන්ගේ සත්‍යග්‍රහය ආරම්භ කරලා. ඒ හම්බන්තොට වන අලි කළමනාකරන රක්ෂිතය ගැසට් කෙරුණත් තාමත් ඊට අදාල නියෝග වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් නොකිරීමෙන් වන අලි ගැටලූව උග‍්‍ර වී ඇති බව පවසමින්. පහුගිය දෙසැම්බර් 21 වැනිදා තමයි ඔවුන් වන අලින්ගේ වාසභූමිය වෙනුවෙන් නැවතත් අඛණඩ සත්‍යග‍්‍රහයක් ආරම්භ කරන බව මාධ්‍ය හමුවක් පවත්වමින් කියා හිටියේ. ඒ වෙනකොට ඔවුන් මීට කලින් දවස් 108 ක් පුරා අරගෙන ගිය අඛණ්ඩ අරගලයේ ප්‍රතිපලයක් විදිහට නිකුත් කරපු ‘හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය’ ප්‍රකාශයට පත්කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කරලා මාස අටකටත් වඩා ගෙවී ගිහින්. අපේ රටේ වන අලි සංරක්ෂණය හා අලි-මිනිස් ගැටුම් කළමනාකරණය සම්බන්දයෙන් ක්ෂේත්‍රයේ සැබෑ ප්‍රවීණයන් හදන සැලසුම්වලට හැමදාම සිද්ධවෙන දේ තමයි ‘අලි කළමනාකරණ රක්ෂිත’ ගසට්ටුවටත් වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකාවේ අලි ඇතුන් ජීවත්වෙන වාසභූමි වලින් සියයට හැත්තෑවක් (70%) පමණම ව්‍යාප්තවෙලා තියෙන්නේ වනජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු මගින් පරිපාලනය වන රක්...
- Get link
- X
- Other Apps
ශ්‍රී ලංකාව හමුවේ ඇති අනාගත පාරිසරික අභියෝග © https://thebulletin.org (2021 12 28 දින) ශ්‍රී ලංකාව ලොව ජෛවවිවිධත්වයෙන් පොහොසත් රටවල් අතර ඉදිරි පෙළ සිටින රටකි. එම ජෛවවිවිධත්වයට පරිසර පද්ධති විවිධත්වය, විශේෂ විවිධත්වය, සහ ප්‍රවේණි විවිධත්වය අයත්ය. එම ජෛවවිවිධත්වය ඇතිවීමට අපේ රට මිහිතලය මත පිහිටා ඇති ස්ථානය, රටේ අභ්‍යන්තර භූ නිර්මාණය, අජීවී ස්වභාවික සම්පත් හේතුවී ඇත. නමුත් එකී වත් පොහොසත්කම් තිරසාර ආකාරයෙන් භාවිතා කරමින් රට ධරණීය සංවර්ධනයක් කරා දිශානත කිරීමට එතෙක් මෙතෙක් රට කරවූ පාලකයින් අසමත්වී ඇත. කොටින්ම කියතොත් අප සංවර්ධනය හා සංරක්ෂණය තුලනය කරගැනීමට අපොහොසත්ව ඇත. ඒ හේතුවෙන් රටක් ලෙස අප ගමන් කරමින් සිටින්නේ දියුණුව දිශාවට නොව, පිරිහීම දිශාවටය. එම පසුගාමීත්වයේ තීරණාත්මක වසරක් තවත් දින තුනකින් උදාවේ. එබැවින් අප එම අනාගතයේ අපට මුහුණදීමට සිදුවන පරිසර අභියෝග පිළිබඳව අඩු තරමින් දැනුම්වත් වීම හෝ අවශ්‍ය යැයි සිතමි. දේශගුණ අභියෝගය මිහිතලයේ සෑම රටකම වෙසෙන සෑම ජීවියෙකුටම අඩු වැඩි වශයෙන් දේශගුණ අභියෝගයට මුහුණ දීමට සිදුවේ. එයට කිසිඳු භූගෝලීය හෝ සමාජාර්ථික මිම්මක් නැත. නමුත් දුප්පත...