අටුව කඩා පුටුව හදා කබලෙන් ලිපට වැටෙමුද? © https://www.newsfirst.lk/ ශ්‍රී ලංකාව මේ මොහොතේ මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය පූර්ණ දේශපාලන අර්බුදයක් සහ මානුෂීය හදිසි අවස්ථාවක් බවට පත්ව ඇති බව අමුතුවෙන් කිවයුතු නැහැ. ආණ්ඩුව ඉතිහාසයේ පළමු වතාවට මැයි මාසයේදී සිය ණය ගෙවීම පැහැර හැරියේ , වසර ගණනාවක ආර්ථික අවභාවිතාවෙන් හා ප්‍රභූන් සුළු පිරිසක් පොහොසත් කිරීමෙන් මහා භාණ්ඩාගාරය හිස් වීම හේතුවෙන්. රටේ එතෙක් මෙතෙක් පැවතුණු හා පවතින ආණ්ඩු වල කෙරුවාව තමයි මේ අර්බුදය හරහා පෙන්නුම් කරන්නේ. ඊට රටේ බහුතරයක් නිද්‍රාශීලී පොදු මහජනතාවත් වගකිවයුතු බවට විවාදයක් නැහැ. මේ සියලු සමාජාර්ථික හා දේශපාලන කාරනා වලින් වියුක්තව අපට මේ රටේ ගහකොළ, සතා සිව්පාවා සහ ස්වභාවික සම්පත් ඇතුළු සමස්ථ පරිසර සංරක්ෂණය ගැනත් කතා කරන්න බැහැ. සරලව කියනවා නම් මේ ආර්ථික අර්බුදය පරිසර සංරක්ෂණයට කොහෙත්ම හිතකර නැහැ වගේම මේ අර්බුදකාරී වටපිටාව තුල අපි නිසියාකාරව රටේ පාරිසරික සම්පත් සංරක්ෂණය හා තිරසාර භාවිතය වෙනුවන් කැපවුණේ නැත්නම් සිදුවන්නේ අර්බුදය තවත් දුරදිග යාම. වංචා දුෂණ මොහොතකට පැත්තකින් තිබ්බොත් අපි වර්තමානයේ මුහුණ...