Posts

Image
  මහා පැරකුම් නිරිඳුනි, සුමේධලාට මේ ඉරණම ඇයි ??? ©  සාරංග දේව ද අල්විස් අලංකාරවත් දිගු දළ යුගලක් හිමි සුමේධ ඇත් රජු කලකට පසු මේ දිනවල මින්නේරිය ජාතික උද්‍යානයේ සැරිසැරීම සම්බන්ධයෙන් වනජීවී ක්ෂේත්‍රයේ කාගේත් අවධානය යොමු වෙලා. නමුත් සුමේධ වගේම තවත් අලි ඇතුන් තුන්-හාරසියයකට වියළි කාලයට තමන්ගේ බඩ කට පුරවාගන්න, සහකරුවන් සහකාරියන් සොයාගන්න මග පෑදූ මින්නේරියේ වාර්ෂික වන අලි ඒකරාශීවීමට අත්වී ඇති අවාසනාවන්ත ඉරණම ගැන නම් බොහෝ දෙනෙකුට තැකීමක් නැහැ. හැම අවුරුද්දකම මැයි සිට ඔක්තෝබර් දක්වා මින්නේරියේ දිගහැරුණු මෙම සොබාදහමේ අපූරු සංසිද්ධිය එහි උච්චතම අවස්ථාව වෙත ළඟාවන අගෝස්තු – සැප්තැම්බර් වන විට , 400 ක් තරම් වන අලි ඇතුන් ප්‍රමාණයක් මින්නේරි ජලාශයේ වැව් පිටියේ තණ බිම් මතට රැස් වුණේ බොහෝ කලක සිටයි. ඊට හේතුව වන්නේ ක්‍රමයෙන් සිඳී යන ජලාශයේ මතුවන වැව් පිටියේ වර්ධනයවන නැවුම් තණකොළයි. ඒවා වියළි සමයේ අලි ඇතුන්ට ඉතා රසවත් මෙන්ම පෝෂණීය ආහාරයක්. එය ප්‍රදේශයේ අලි ඇතුන් සංරක්ෂණයට සහ අලි-මිනිස් ගැටුම් කලමනාකරණයට විශාල සහයක් ලබාදුන් අතරම වාර්ෂිකව ලක්ෂ සංඛ්‍යාත දෙස් විදෙස් සංචාරකයින් උද්‍යානය වෙත ආකර්...
Image
  උලා කෑමේ පිකාසෝලා ©Environmental Foundation (Guarantee) Limited අපේ රටේ වනජීවී රක්ෂිත නිල වශයෙන් උලා කෑම වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරිය විසින් පසුගිය දා ආරම්භ කළේ වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතයෙන්. ඒ 2024 මැයි 6 දාතමින් නිකුත්වූ අංක 2383/05 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් මෙම රක්ෂිතයේ කොටසක් ඉවත් කිරීමෙන්. ඇයට වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක අන පනත් වලින් ඊට බලතල ලැබී තිබෙන්නට පිළිවන් වී නමුත් අප අවධාරණය කළ යුතු කරුණ වන්නේ එකී අන පනත් නිර්මාණය කර ඇත්තේ අපේ රටේ වනජීවීන්, ඔවුන්ගේ ස්වභාවික වාසස්ථාන හා ස්වභාවික සම්පත් රැකගැනීමට විනා ඒවා උලා කෑමට නොවන බවයි. කෙසේ නමුත් මේ උලා කෑම් මාලාවක භයානක පෙරනිමිත්තක් පමණක් බවත් ඉදිරියේදී උතුරු නැගෙනහිර පළාත්වල වනජීවී රක්ෂිත ගණනාවක් මෙසේ උලා කෑමට නියමිත බවත් සංරක්ෂණවේදීන් අනතුරු අඟවනවා. දිවයිනේ වයඹ දිග වෙරළ තීරයේ පිහිටා ඇති වෙඩිතලතිව් ස්වභාව රක්ෂිතය යාබද වනජීවී රක්ෂිත ගණනාවකට මායිම්ව පිහිටි කඩොලාන , මඩ තට්ටු සහ ලවණ වගුරු වලින් සමන්විත ඉතා වටිනා පරිසර පද්ධති සේවාවන් රැසක් සපයන බිම් කඩක්. 2014 අවුරුද්දේදී උතුරු පළාතේ සිදු කෙරුණු උපායමාර්ගික පරිසර ත...
Image
කාබන් පියසටහන මත බදු පැනවීම   © https://www.ecomatcher.com/ මේ දවස් වල අපට නිතරම අහන්න දකින්න ලැබෙන්නේ ආණ්ඩුවේ අසාධාරණ බදු ප්‍රතිපත්තියට එරෙහිව මතුවන විරෝධතා ගැන. විපක්ෂයේ සිටින දේශපාලකයින් රටේ ජනතාව පිළිබඳව හද පත්ලෙන්ම උපන් සානුකම්පිත සිතුවිල්ලෙන් හඬ නගන්නේ ඔවුන් ආණ්ඩු පක්ෂයේ සිටි සමයේදී ජනතාව පීඩාවට පත්කළ කිසිඳු බද්දක් අය නොකළ පරිද්දෙන්. එසේම ආණ්ඩුවද පවසන්නේ තමන් ජනතාව මත බදු බර පටවන්නේ වෙනත් විකල්පයක් නොමැති කමින් බවයි. නමුත් පොදු ජනතාව පීඩාවට පත් නොකර ධනවතුන්ගෙන් බදු අයකරගෙන ආණ්ඩුවේ බදු ආදායම ඉහළ නංවාලීම සඳහා කිසිඳු දේශපාලකයෙකු උනන්දු නොවීම විමතියට කරුණක්. රුපියල් ලක්ෂයට වඩා වැඩි මාසික ආදයම් ලබන පුද්ගලයින්ගේ ආදායම මත බදු අය කරන , දේශීය ආදායම් (සංශෝධන) පනත මේ වන විට බලාත්මක කර තිබෙනවා. මෙම පනත යටතේ රුපියල් ලක්ෂයට වැඩි මාසික ආදයම මත 6% සිට 36% දක්වා බදු අය කිරීම මේ අවුරුද්දේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වුණා. ඒ අනුව මාසික අදායම රුපියල් ලක්ෂය ඉක්මන විට ආදායම් කාණ්ඩ 6ක් යටතේ බදු අය කෙරෙනවා. උග්‍ර ජීවන වියදම හමුවේ මේවන විට මෙරට ජනතාවගෙන් බහුතරයක් දිවිගෙවන්නේ දැඩි ආර්ථික දුෂ්කර...
Image
සොබාදහමේ සැබෑ ආරක්ෂකයෝ රතුගල ආදිවාසී නායක දානිගල මහ බණ්ඩලාගේ සුදාවන්නිලා ඇත්තන් අභයභූමියේ සිට ලියමනේ කතා නායකයා වුණු පළවෙනි අවස්ථාව මෙය නොවයි. “ ගල්ඔය ව්‍යාපාරය අපේ පරම්පරාව සී සීකඩ කලා දැන් බිබිල සීනි ව්‍යාපෘතිය   අපිව පාරට ඇදලා දාන්න යනවා අපි මේ පොළොවේ මුල් උරැමක්කාරයෝ අපේ අක්මුල් තියෙන්නේ මේ මහා කැළයේ අපිට මේ කැළේ අතහරින්න බැහැ ඒ නිසා අපිට ආදරය කරන මිනිස්සුන්ට කියන්නේ අපේ අරගලය එක්ක හිටගන්න ! ” ඔහු මෙහෙම කිව්වේ තමන්ගේ වර්තමාන වාසභූමි ද ඇතුලත්වන පරිදි අම්පාර , මොණරාගල හා බදුල්ල දිස්ත් ‍ රික්ක තුනට අයත් අක්කර 62500 ක් තරම් විශාල භූමි ප් ‍ රමාණයක උක් වගා ව් ‍ යාපෘතියක් ක් ‍ රියාත්මක කිරීම සඳහා විදේශීය සමාගමකට පවරන්නට ආණ්ඩුව කටයුතු කිරීමත් සමග . සුදාවන්නිලා ඇත්තන්ගේ ඒ වචන හදවතක් තියෙන ඕනෑම කෙනෙකුගේ ඒ හදවත් දැදුරු කරන බවත්, කාටවත් කරදරයක් නැතුව , බොහොම උපේක්ෂාවෙන් තමන්ගේ සරළ අල්පේච්ඡ ජීවිත ගැටගහගත්ත මේ මිනිස්සුන්ට අද අත්වෙලා තියෙන ඉරණම ආපස්සට හරවන්න හිතෙන්නැති කවුරුහරි මේ සමාජ...
Image
69 හැට නමය කිව්වහම අපේ රටේ මිනිස්සුන්ට විවිධ අදහස් උදහස් පහළ වෙනවා. දුක, සතුට, වෛරය, ලැජ්ජාව වගේ මනෝභාවයන් ඊට අයත්. ඒ මොකද අපේ රටේ ම්නිස්සුන්ට 69 කියන්නේ නිකන්ම ඉලක්කමක් නොවන නිසා. නමුත් ලියුම්කරු මේ කියන්න යන්නේ මේ කරදිය වළල්ලෙන් එහාටත් ගිහින් මේ අංකය මිනිසුන්ව කණගාටුවට පත්කරපු අවස්ථාවක් ගැන. නමුත් ඒ කණගාටුව අඬලා-දොඩලා අතීතයට තල්ලු කරලා දාන්නේ නැතුව හිත් තුළ නව අධිෂ්ඨානයක් ඇතිකර ගන්නත් හේතු කරනා විය යුතු කාලෙක තමයි අපි ජීවත් වෙන්නේ. පසුගිය අඩසියවස තුළ මෙම මිහිතලයේ ජීවත්වූ ජීවී විශේෂ ගහනයෙන් සියයට හැට නමයක් (69%) මිහිතලයෙන් තුරන්වී ඇති බව ලෝක වනජීවී අරමුදල ( WWF - World Wide Fund For Nature ) මගින් පසුගියදා තම නවතම වාර්තාවක් මගින් අනාවරණය කළා. ඒ පසුගිය දවසක එළි දැක්වුණු ගෝලීය ජෛව විවිධත්වයේ ප්‍රවණතා සහ මිහිතලයේ යහපැවැත්ම පිළිබඳ ලෝක වනජීවී අරමුදල මගින් සිදුකරණ පුළුල් අධ්‍යයනයක් වන ‘ලිවින්ග් ප්ලැනට් රිපෝට් 2022’ ( The Living Planet Report 2022) වාර්තාවේ නවතම සංස්කරණයයි. මෙම ප්‍රමුඛතම ගෝලීය ප්‍රකාශනයට අනුව 1970 සිට මේ දක්වා ජීවී විශේෂ වල ජනගහනයෙන් 69% ක පහත වැටීමක් හෙළි කර තිබෙනවා. විව...
Image
ඇගයීමට ලක් නොවුණු ජීවිත අපේ පාසැල් අධ්‍යාපනය ඇතුලේ අපට ඉගැන්වුවේ පරිසරය කියන්නේ අප අවට ඇති වටපිටාවට කියලා. මිනිස්සු තමන් පරිසරයට අයිති නැති බව හිතන්න පටන් ගත්තේ එතැන් සිට කියලා සමහරු කියනවා මම අහලා තියෙනවා. නමුත් ඒ අදහස දැන් පරණයි නේද? ඒ පාසැල් අධ්‍යාපනය හමාර කරලා මූලික උපාධි, පස්චාත් උපාධි, ආචාර්ය උපාධි අරගෙනයි මිනිස්සු රජයේ සහ පුද්ගලික ආයතන වල ඉහළ පුටු වලට යන්නේ. විශේෂයෙන්ම පරිසරය සම්බන්ධ ආයතන වල මුල් පුටුවලට යන පරිසරය සම්බන්ධ උසස් අධ්‍යාපනය ලබපු මිනිස්සු, මිනිසා සහ ජීවී-අජීවී පරිසරය අතර ඇති සංකීර්ණය සම්බන්ධය නොදන්නවා නොවෙයි. නමුත් උන් ඒ පුටුවල ඉඳලා ගන්න තීන්දු තීරණ බොහොමයක් ගහකොළ, සතා සිව්පාවා ගැන තබා අඩුම තරමින් මිනිස්සු ගැනවත් හිතලා නෙවෙයි අරගන්නේ. මම මේ පාර (අ)භයභූමියේ සිට ලියන්නේ උන්ගැන වෛරයෙන් සහ ද්වේශයෙන්. නමුත් මට ඒ මනෝභාවයන්ගෙන් මිදෙන්න අවශ්‍යතාවයක් නැහැ. අඩුම තරමේ තමන්ගේ හෘදසාක්කියටවත් ඇහුම්කන් දෙන්නේ නැති උන්ට මගේ හිතේ කිසිම අනුකම්පාවක් නැහැ. කුඹුක්කන් ඔය ජලාශ සංවර්ධන ව්‍යාපෘතියට අදාළ පරිසර බලපෑම් ඇගයීම් වාර්තාව මහජන අදහස් සඳහා විවෘත කර තිබුණා. එම ව්‍යාපෘතිය ක්‍රියාත්...