සොබාදහමේ සැබෑ ආරක්ෂකයෝ රතුගල ආදිවාසී නායක දානිගල මහ බණ්ඩලාගේ සුදාවන්නිලා ඇත්තන් අභයභූමියේ සිට ලියමනේ කතා නායකයා වුණු පළවෙනි අවස්ථාව මෙය නොවයි. “ ගල්ඔය ව්‍යාපාරය අපේ පරම්පරාව සී සීකඩ කලා දැන් බිබිල සීනි ව්‍යාපෘතිය අපිව පාරට ඇදලා දාන්න යනවා අපි මේ පොළොවේ මුල් උරැමක්කාරයෝ අපේ අක්මුල් තියෙන්නේ මේ මහා කැළයේ අපිට මේ කැළේ අතහරින්න බැහැ ඒ නිසා අපිට ආදරය කරන මිනිස්සුන්ට කියන්නේ අපේ අරගලය එක්ක හිටගන්න ! ” ඔහු මෙහෙම කිව්වේ තමන්ගේ වර්තමාන වාසභූමි ද ඇතුලත්වන පරිදි අම්පාර , මොණරාගල හා බදුල්ල දිස්ත් රික්ක තුනට අයත් අක්කර 62500 ක් තරම් විශාල භූමි ප් රමාණයක උක් වගා ව් යාපෘතියක් ක් රියාත්මක කිරීම සඳහා විදේශීය සමාගමකට පවරන්නට ආණ්ඩුව කටයුතු කිරීමත් සමග . සුදාවන්නිලා ඇත්තන්ගේ ඒ වචන හදවතක් තියෙන ඕනෑම කෙනෙකුගේ ඒ හදවත් දැදුරු කරන බවත්, කාටවත් කරදරයක් නැතුව , බොහොම උපේක්ෂාවෙන් තමන්ගේ සරළ අල්පේච්ඡ ජීවිත ගැටගහගත්ත මේ මිනිස්සුන්ට අද අත්වෙලා තියෙන ඉරණම ආපස්සට හරවන්න හිතෙන්නැති කවුරුහරි මේ සමාජ...