Posts

Showing posts from April, 2022
Image
ඉරණම කුමක්ද? (2022 04 26 දින) අපේ රට මේ වෙනකොට මුහුණදී තිබෙන දරුණු ආර්ථික අවපාතය සෑම සියළු පුද්ගලයෙක්ම පීඩාවට පත් කරලා අවසන්. මිනිස්සු පාරට බැහැලා වර්තමාන ආණ්ඩුවට ගෙදර යන ලෙස බලකරමින් සිදුකරන උද්ඝෝෂණත් දරුණු අතට හැරිලා මිනිස් ජීවිතයකුත් ඊට බිලි වුණේ අවාසනාවන්ත විදිහට. මේ අවාසනාවන්ත තත්වය කවදා කොහොම අවසන් වෙයිද කියලා කාටවත් පුරෝකථනය ක‍රන්න අමාරුයි. ශ්‍රී ලංකාවේ වනජීවීන්, තුරුලතා, වනාන්තර ඇතුළු ස්වභාවික සම්පත්වලටත් ඒ අවාසනාවන්ත කාලය උදාවෙලා තිබුණේ කලක සිටයි. එම සම්පත් වැනසෙන ආකාරයේ තීන්දු තීරණ ගණු ලැබූ ආණ්ඩු අතර වර්තමාන ගෝඨාබය රාජපක්ෂ ආණ්ඩුව සිටින්නේ පෙරමුණේ බව අභයභූමියේ සිට ලියපු දේවල් කියවපු අය හොඳාකාරවම දන්නවාට සැකයක් නැහැ. විශේෂයෙන් ජනාධිපතිවරයා විසින් ගනු ලැබූ   අත්තනෝමතික, අවිද්‍යාත්මක සහ අමනෝඥ තීන්දු තීරණ මෙරටට හිමි සොබාදහමේ අමිල උරුමයන් වැනසී යාමට තුඩු දුන්නේ වර්තමාන ආණ්ඩුව බලයට පත්වූ මුල් වකවානුවේ සිටමයි. ඒ නිසා වර්තමාන විනාශකාරී රාජ්‍ය පාලනයට එරෙහිව මුලින්ම අරගල කිරීමට පරිසර සංරක්ෂනවේදීන්ට සිදුවුණේ වර්තමාන ජන අවධි වීමට බොහෝ කලකට පෙරයි. ගල්, වැලි සහ පස් ප්‍රවාහනය සඳහා ...