අභය උදෙසා! © ලහිරු මදුශංක (2022 05 24 දින) බියෙන් සහ සැකයෙන් තොරව නිදහස් හා සාමකාමී ජීවිත ගතකිරීමට අපි හැමෝම කැමතියි. අභයභූමියේ සිට මේ දක්වා ලියුම්කරු විසින් ලියූ සෑම සටහනකින්ම උත්සාහ කෙරුණේ එවැනි පරිසරයක් මේ දිවයින තුල තහවුරු කිරීමට බව අමුතුවෙන් කිවයුතු නැහැ. ‘අභයභූමි’ කියන වදනේ අරුතත් එවැනි ‘බියෙන් තොර බිමක්’ කියන එකයි. ඒ වගේම ලොව ඕනෑම රටක ‘බියෙන් තොර බිමක්’ කියන අදහස ගෙනදෙන වදනක් මුලින්ම භාවිතයට ගැනුනානම් ඒ ‘අභයභූමි’ කියන වදනම බවයි ලියුම්කරුගේ අදහස. ගහකොළට සතා සිව්පාවාට පමණක් නොවෙයි මිනිසාටත් එසේ බියෙන් සහ සැකයෙන් තොරව ජීවත් වීමට අවශ්‍ය පරිසරය අදටත් හෙටටත් මතුවටත් ආරක්ෂාකර තැබීම අප සියළුදෙනාගේම වගකීමක්. මේ රට අභයභූමියක් බවට පත්කරන්න අපේ අතීත රජ දරුවන් කටයුතු කළේ මීට අවුරුදු දහස් ගණනකට පෙර අතීතයේ සිට බව අප සිහිතබාගත යුතුයි. වර්තමානයේ ‘දියුණු’ බව කියන බටහිර ජාතීන් පවා මිලේච්ඡ හැසිරීම් දක්වමින් වනචාරී ජීවිත ගත කරනකොට අපි මිනිසුන්ට පමණක් නොවෙයි ගහකොළ සතා සිව්පාවාටත් බියෙන් සහ සැකයෙන් තොරව ජීවත්වීමට අවශ්‍ය පසුබිම මේ රමණීය දිවයින තුල ඇතිකරන්න පුරෝගාමී වුණා. ඒ අතර ඉතිහාසයේ විවිධ අවස්...
Posts
Showing posts from May, 2022