ඇගයීමට ලක් නොවුණු ජීවිත අපේ පාසැල් අධ්‍යාපනය ඇතුලේ අපට ඉගැන්වුවේ පරිසරය කියන්නේ අප අවට ඇති වටපිටාවට කියලා. මිනිස්සු තමන් පරිසරයට අයිති නැති බව හිතන්න පටන් ගත්තේ එතැන් සිට කියලා සමහරු කියනවා මම අහලා තියෙනවා. නමුත් ඒ අදහස දැන් පරණයි නේද? ඒ පාසැල් අධ්‍යාපනය හමාර කරලා මූලික උපාධි, පස්චාත් උපාධි, ආචාර්ය උපාධි අරගෙනයි මිනිස්සු රජයේ සහ පුද්ගලික ආයතන වල ඉහළ පුටු වලට යන්නේ. විශේෂයෙන්ම පරිසරය සම්බන්ධ ආයතන වල මුල් පුටුවලට යන පරිසරය සම්බන්ධ උසස් අධ්‍යාපනය ලබපු මිනිස්සු, මිනිසා සහ ජීවී-අජීවී පරිසරය අතර ඇති සංකීර්ණය සම්බන්ධය නොදන්නවා නොවෙයි. නමුත් උන් ඒ පුටුවල ඉඳලා ගන්න තීන්දු තීරණ බොහොමයක් ගහකොළ, සතා සිව්පාවා ගැන තබා අඩුම තරමින් මිනිස්සු ගැනවත් හිතලා නෙවෙයි අරගන්නේ. මම මේ පාර (අ)භයභූමියේ සිට ලියන්නේ උන්ගැන වෛරයෙන් සහ ද්වේශයෙන්. නමුත් මට ඒ මනෝභාවයන්ගෙන් මිදෙන්න අවශ්‍යතාවයක් නැහැ. අඩුම තරමේ තමන්ගේ හෘදසාක්කියටවත් ඇහුම්කන් දෙන්නේ නැති උන්ට මගේ හිතේ කිසිම අනුකම්පාවක් නැහැ. කුඹුක්කන් ඔය ජලාශ සංවර්ධන ව්‍යාපෘතියට අදාළ පරිසර බලපෑම් ඇගයීම් වාර්තාව මහජන අදහස් සඳහා විවෘත කර තිබුණා. එම ව්‍යාපෘතිය ක්‍රියාත්...