Posts

Showing posts from June, 2022
Image
මර්ධනයට බිය නොවෙමු! © YOUTH FOR CHEnge පසුගිය පස් වැනිදාට යේදී තිබුණු ලෝක පරිසර දිනයේ ප්‍රධාන තේමාව වුණේ ‘එකම එක මිහිතලයක්’ කියන එක. ඊට අමතරව ‘ස්වභාවධර්මය සමග සමගියෙන් තිරසාරව ජීවත් වීම’ කෙරෙහි විශේෂයෙන් අවධානය යොමු කෙරුණා. මේ මිහිතලයේ ජීවත්වෙන මනු සතුන්ටත් වන සතුන්ටත් තමන්ගේ ජීවිත පවත්වාගෙන යන්නට ඒ හැර වෙනත් ග්‍රහ ලොවක් ඇත්තේ නැහැ. ස්වභාවධර්මය සමග සමගියෙන් තිරසාර ජීවන රටාවකට අනුගතව ජීවත් වුනොත් විතරයි මේ මිහිතලය සියලු ජීවීන්ට සුපසන් තැනක් වෙන්නේ. රටක් හැටියට ගත්තත් ශ්‍රී ලංකාවේ ජීවත්වෙන අපට ඇත්තේ මේ දිවයින පමණයි. එහි පරිසරය ආරක්ෂා කරගනිමින් සහ සංරක්ෂණය කරගනිමින් ජීවත් වුනොත් විතරයි අපට පැවැත්මක් තිබෙන්නේ. ඒ වෙනුවෙන් තම කාලය, ශ්‍රමය සහ ධනය පමණක් නොවෙයි, ජීවිතත් කැපකරන සැබෑ පරිසර සංරක්ෂණවේදීන් පිරිසක් අප අතර සිටිනවා. නමුත් අපේ රටට හිමි සොබා උරුමයන් වනසද්දී ඇහැක් ඇර නොබලන ආණ්ඩුවට එම විනාශයන්ට එරෙහිව නැගී සිටින පරිසර සංරක්ෂණවේදීන් නම් නයාට අඳු කොළ වගේ.     රට පුරා නැග එන ජනතා විරෝධය මැඩලීමට මේ බියගුළු ආණ්ඩුව තමන්ගේ මර්ධන යාන්ත්‍රණය ක්‍රියාත්මක කරලා. මැයි නම වැනිදා ගෝටාගෝගම...