Posts

Showing posts from August, 2022
Image
සැමරුම් දින සහ අපේ අලි ඇතුන් ©  https://ceylonnews24.com/ හැම අවුරුද්දකම අගෝස්තු මාසේ දොළොස්වැනිදාට යෙදෙන අලි ඇතුන් සැමරීමේ අන්තර්ජාතික දිනය අපි බොහොම උජාරුවෙන් සමරුවේ නොබෝදා. දැනට මේ මිහිතලය මත ජීවත්වෙන අලි ඇතුන් විශේෂ තුන සංරක්ෂණය කරගැනීම ගැන ගෝලීය මට්ටමේ අවධානයක් හා උනන්දුවක් ඇතිකිරීම තමයි මෙවැනි දිනයක් වෙන් කිරීමේ අරමුණ. අලි ඇතුන් සම්බන්දයෙන් කතා කරනකොට අපේ රටටත් හිමිවෙන්නේ සුවිශේෂී තැනක්. නමුත් අපි ඒ වටිනාකම් ආරක්ෂා කරගන්න කොතෙක් දුරට කැපවෙනවද කියන එක උභතෝකෝටිකයක්. අපි ජීවත්වෙන ආසියානු කලාපයේ ජීවත්වෙන්නේ මෙම කලාපයටම ආවේණික අලි විශේෂයක්. නමුත් ආසියාවේ ඓතිහාසික හස්ති වාසභූමි වලින් සියයට අනූපහකින් (95%) මේ වෙනකොට අලි ඇතුන් වඳවීගොස් හමාරයි. ඔවුන් දැනට ඉතිරිවී සිටින්නේ ආසියානු රටවල් දහතුනක විතරයි. ඒ අතරින් ශ්‍රී ලංකාව සුවිශේෂී වන්නේ ආසියානු අලි ඇතුන් ජීවත්වෙන රටවල් දහතුනෙන් දෙවැනි විශාලතම ආසියානු වන අලි ගහනය ජීවත්වෙන රට ශ්‍රී ලංකාව වීම නිසා පමණක් නොවෙයි. අලි-මිනිස් ගැටුම හේතුවෙන් වාර්ශිකව ලොව වැඩිම අලි ඇතුන් සංඛ්‍යාව මිය යන රට ශ්‍රී ලංකාව. ඒ වගේම ලොව දෙවැනි වැඩිම මිනිස් මරණ වාර්ත...