වන අලි කළමනාකරණ ප්‍රදේශ
| © https://ceylonnews24.com |
වලව වම්
ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානය ආයෙත් තමන්ගේ සත්‍යග්‍රහය ආරම්භ කරලා. ඒ හම්බන්තොට වන
අලි කළමනාකරන රක්ෂිතය ගැසට් කෙරුණත් තාමත් ඊට අදාල නියෝග වනජීවී අධ්‍යක්ෂ
ජනරාල්වරයා විසින් නිකුත් නොකිරීමෙන් වන අලි ගැටලූව උග‍්‍ර වී ඇති බව පවසමින්.
පහුගිය දෙසැම්බර් 21 වැනිදා තමයි ඔවුන් වන අලින්ගේ වාසභූමිය වෙනුවෙන්
නැවතත් අඛණඩ සත්‍යග‍්‍රහයක් ආරම්භ කරන බව මාධ්‍ය හමුවක් පවත්වමින් කියා හිටියේ. ඒ
වෙනකොට ඔවුන් මීට කලින් දවස් 108ක් පුරා අරගෙන ගිය අඛණ්ඩ
අරගලයේ ප්‍රතිපලයක් විදිහට නිකුත් කරපු ‘හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය’ ප්‍රකාශයට
පත්කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කරලා මාස අටකටත් වඩා ගෙවී ගිහින්. අපේ රටේ වන අලි
සංරක්ෂණය හා අලි-මිනිස් ගැටුම් කළමනාකරණය සම්බන්දයෙන් ක්ෂේත්‍රයේ සැබෑ ප්‍රවීණයන්
හදන සැලසුම්වලට හැමදාම සිද්ධවෙන දේ තමයි ‘අලි කළමනාකරණ රක්ෂිත’ ගසට්ටුවටත් වෙලා
තියෙන්නේ.
ශ්‍රී ලංකාවේ අලි ඇතුන් ජීවත්වෙන වාසභූමි වලින් සියයට හැත්තෑවක් (70%) පමණම ව්‍යාප්තවෙලා තියෙන්නේ වනජීවී සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තු මගින් පරිපාලනය වන රක්ෂිත ප්‍රදේශ වලින් පිටත. ඒ සතුන් වනජීවී රක්ෂිත තුලට ගාල්කරලා මේ මහා අරගලයට විසඳුම් සොයන්න බැහැ. අලි- මිනිස් ගැටුමට ඇති ප්‍රධානතම විසඳුමක් තමයි රක්ෂිත ප්‍රදේශ වලින් බැහැර පිහිටි එම හස්ති වාසභූමි ආරක්ෂා කිරීම. ඒ සඳහා තමයි විද්‍යාඥයින් ‘වන අලි කළමනාකරණ රක්ෂිත’ යෝජනා කරන්නේ. එහි පලවෙනි පියවර විදිහට හම්බන්තොට මහා සංවර්ධන සැලැස්ම සකස් කිරීමේදී ප්‍රදේශයේ වනජීවී රක්ෂිත වලින් බැහැරව ජීවත්වුනු අලි ඇතුන් 400 කගේ පමණ වාසභූමි ‘හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය’ මගින් ආරක්ෂා කිරීමට පිඹුරුපත් සැකසුණා. ඒ ඔය කියන අලි රංචුව ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයට ගාල් කරන්න දරපු මහා අමානුෂික උත්සාහය අසාර්ථක වුණාට පස්සේ. නමුත් එදා මෙදා තුර දශකයකට වැඩි කාලයක් ‘හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය’ බෝඩ් ලෑලි වලට පමණයි සීමා වෙලා තිබුණේ. ඔය හස්ති වාසභූමි ටිකත් දේශපාලකයින්ගේ සහ නිලධාරීන්ගේ සහය ඇතිව විවිධ ව්‍යාපාරිකයින් විසින් ආක්‍රමණය කෙරුවේ එළි පිටමයි. විවිධ වගා ව්‍යාපෘති, පස් කැනීම්, ගල් කොරි වැනි එකී මෙකී නොකී විනාශකාරී ක්‍රියා නිසා වන අලි කළමනාකරණ රක්ෂිතයට අයිති වනාන්තර විනාශ වෙලා ඒකෙ සෘජු ප්‍රතිපලයක් විදිහට ප්‍රදේශයේ අලි- මිනිස් ගැටුම් එන්න එන්නම උත්සන්න වුණා. අවසානයේදී හම්බන්තොට ජනතාවට තම ජීවිත පරිත්‍යාගයෙන් අරගල කරලා අලි ඇතුන්ට ඔවුන්ගේ වාසභූමි වෙන්කරලා දෙන්න සිදුවෙන තැනට තත්ත්වය දරුණු අතට හැරුණා.
ඒ අඛණ්ඩ මහා ජන අරගලයේ ප්‍රතිපලයක් විදිහට තමයි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 2222/62 දරණ අති විශේෂ ගැසට් පත්‍රය 2021 අප්‍රේල් 09 දාතමින් නිකුත් වෙන්නේ. වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ 2 වන වගන්තියේ (2) වන උප වගන්තිය මගින් පැවරී ඇති බලතල ප‍්‍රකාරව, වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහත්තයා තමයි රක්ෂිතය ප‍්‍රකාශයට පත් කරන්න ගැසට්ටුවට අත්සන් කළේ. ඒ අනුව දකුණු සහ ඌව පළාත් වල හම්බන්තොට සහ මොණරාගල (ගැසට් නිවේදනය අනුව නම් මොණරාගල දිස්ත්‍රික්කය අයිති වෙන්නේ දකුණු පළාතට) යන පරිපාලන දිස්ත‍්‍රික්කවල පිහිටලා තියෙන හම්බන්තොට, සූරියවැව, ලූණුගම්වෙහෙර සහ තණමල්විල යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයිති හෙක්ටයාර 23746.55 ක භූමි ප‍්‍රමාණයකින් හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතය සමන්විතයි.
ගසට්ටුවේ එහෙම තිබුණට රක්ෂිතය වටා අලි වැට සකස් කිරීම, ගම්මාන වල සිටින වන අලි ඉවත් කිරීම, රක්ෂිතය තුළ ඉන්න අනවසර වගාකරුවන් ඉවත් කිරීම, වන අලින්ට අවශ්‍ය පහසුකම් රක්ෂිතය තුළ ඇති කිරීම කියන කාරණා එකක් වත් ඉෂ්ඨ කරන්න ආණ්ඩුව මේ වෙනකල් කටයුතු කරලා නැහැ. මේ නිසා දවසෙන් දවස වන අලින් ගම් වැදීමත් දේපළ සහ නිවාස වලට වගේම තමන්ගේ ජීවිත වලට හානි කිරීමත් වැඩි වෙලා කියලා තමයි අරගලයට සම්බන්දවෙලා ඉන්න ගොවි මහත්තුරු කියන්නේ. එහි ආසන්නම සිදුවීමක් තමයි සූරියවැව ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රිඩාංගනයේ සේවකයින් දෙදෙනකුත් වන අලි පහර දීමකින් ජීවිතක්ෂයට පත් වීම.
නමුත් මේ අලි-මිනිස් අදෝනා ප්‍රදේශයේ දේශපාලන බලවතුන්ටවත් වනජීවී ලෝකන්ටවත් අදාළම නැහැ. ඒ නිසා තමයි රක්ෂිතය ගැසට් කරලා තියෙද්දිත් තව දුරටත් රක්ෂිතයේ ඉඩම් අනවසර මහ පරිමාණ වගා කරුවන් අල්ලා ගනිද්දී නෑසුණු කන් ඇතුව ඉන්නේ. තියෙන ගල්කොරි ඉවත්කරනවා වෙනුවට ඒවා තවදුරටත් පවත්වාගෙන යන්න ඉඩ ඇරලා ගල්කොරි වලට අලුතෙනුත් බලපත‍්‍ර ලබාදෙන්නේ. රජයේ ව්‍යපෘති වලට කියමින් තවත් රක්ෂිතයේ ඉඩම් ලබා ගන්නේ.
ඡන්දේ කාලෙට විතරක් ජනදුක හඳුනන නායකයින් කියලා පපුවට ගහගන්න මේ තක්කඩි දැන් අවුරුද්දකට වැඩි කාලයක් තිස්සේ අපේ රටේ දිස්ත්‍රික්ක දහ නමයක, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 131ක මිනිස්සුන්ගේ පපුවේ ඇවිලෙන ගින්දර නිවන්න හදපු ‘ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම් අවම කිරීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්ම’ හමස්පෙට්ටියේ හංගගෙන ඉන්නවා. හම්බන්තොට වන අලි කළමනාකරන රක්ෂිතයට අදාල නියෝග නිකුත් නොකිරීමත් ඒ තක්කඩිකමේම දිගුවක්. ඒ නිසා වලව වම් ඉවුරේ ගොවි නායකයෝ වගේම අපේ රටේ අලි-මිනිස් ගැටුමෙන් බැටකන ලක්ෂ සංඛ්‍යාත මිනිස්සු මේ තක්කඩිකමට එරෙහිව දැන්වත් ඒකාබද්ධ අරගලයකට උර දෙන්න ඕනෑ.
Comments
Post a Comment