ජාතික සත්වෝද්‍යාන
(2019 10 14 දින)
පොදු ජනතාවට විනෝදාස්වාදය ලබාදීමෙන් එහාට ගිහින් සතුන් පිළිබඳව දැනුම්වත්භාවය ඉහළ නංවාගැනීමට සත්වෝද්‍යාන මගින් යම්කිසි පිටිවහලක් ලැබෙන බව සාමාන්‍ය පිළිගැනීමක් තිබෙනාව. ඒ වගේම රාජ්‍ය හෝ පෞද්ගලික සත්වෝද්‍යාන ඒවායේ හිමිකරුවන්ට හොඳ ධනෝපායන මාර්ගයකුත් වෙන බව අමුතුවෙන් කිවයුතු නැහැ. ආසියාවේ සත්වෝද්‍යාන ගැන කතා කරනකොට දෙහිවල සත්වෝද්‍යානයට හිමිවන්නේ සුවිශේෂී තැනක්. ඊට හේතුව එය ආසියාවේ පැරණිම සත්වෝද්‍යාන වලින් එකක් වීම. අගනුවර තදාසන්නව පිහිටා ඇති අපේ රටේ වඩාත් ප්‍රචලිතම සත්වෝද්‍යානය වන දෙහිවල සත්තු වත්තට නොගිය කෙනෙක් නැතුව ඇති. කෙසේ නමුත් ලොව පුරා ජනතාව තුල සත්ව හිංසනයට විරුද්ධ ආකල්ප වර්ධනය වීමත් සමග ඔවුන් සත්වෝද්‍යාන ගැන හිතන පතන විදිහ වෙනස් වුනත් අපේ රටේ පොදු ජනතාවගේ වාගේම පාලකයින්ගේ ආකල්පත් ඒ විදිහට පරිණාමය නොවීම නිසා අදටත් අපේ සත්තු වතු ඇතුලේ අහිංසක සතුන් නොවිඳිනා දුක් විඳිමින් ජීවත්වී අකාලයේ මරණයට පත්වීම කණගාටුවට කරුණක්.
1920
දශකයේ පෞද්ගලික වන සත්ව එකතුවක් වශයෙන් පවත්වාගෙන ගිය
දෙහිවල සත්වෝද්‍යානය 1936 අවුරුද්දේ ජුලි පළමු වැනිදා රජයට පවරාගෙන 1946
අවුරුද්දේදී
ස්වාධීන රාජ්‍ය දෙපාර්තමේන්තුවක් බවට පත් කෙරෙනවා. ඉන් පස්සේ 1982
අංක 41
දරණ ජාතික
සත්වෝද්‍යාන පනත යටතේ නීතිගත වෙන ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අද වනවිට දෙහිවල සහ පින්නවල සත්වෝද්‍යාන, පින්නවල අලි අනාථාගාරය, හම්බන්තොට සෆාරි උද්‍යානය සහ ගෝනපොල සත්ව ආහාර ගොවිපොළ අයත්. මෙම සත්වෝද්‍යාන වල ජීවත්වෙන සතුන්ගේ
අවාසනාවන්ත ඉරණම සහ ඒවා පාලනය කරන බලධාරීන්ගේ සහ නිලධාරීන්ගේ නොමනා කල් ක්‍රියාවන්
ගැන අපට
ඉතිහාසයේ විවිධ අවස්ථා වල අහන්න දකින්න ලැබුණා. නමුත් එම අවාසනාව ආපස්සට හරවන්න වගකිවයුත්තන් තවමත් සමත්වෙලා නැහැ කියලා ජාතික විගණන කාර්යාලය
මගින් නිකුත් කෙරුණු සත්වෝද්‍යාන සංවර්ධන හා සුභසාධන අරමුදල සත්ව
සුභසාධනය සඳහා උපයෝජනය කරන්නේද යන්න පිළිබඳ පීඊආර්/ඉසෙඩ්එෆ්/2017/08
අංක දරණ විගණන
වාර්තාව මගින් යළිත් වරක් තහවුරු වෙනවා.
එම වාර්තාවට අනුව 2016 සහ 2017 අවුරුදු දෙක තුළ ජාතික සත්වෝද්‍යාන
දෙපාර්තමේන්තුවට අයත් සත්වෝද්‍යාන වල ජීවත්වූ සතුන් 328ක් විවිධ රෝගාබාධ සහ වෙනත් හේතු නිසා අකාලයේ මරණයට පත්ව
තිබෙනවා. තවද එක් ස්ථානයකින් තවත් ස්ථානයකට සතුන් මාරු කිරීමේදී පශු වෛද්‍ය උපදෙස් අනුව ක්‍රියා
නොකිරීම, අලි
ඇතුන් සඳහා ප්‍රතිකාර ලබාදීමේදී එම ප්‍රතිකාර අඛණ්ඩව සිදුවී නොතිබීම, සතුන්ට පහසුවෙන් ප්‍රතිකාර කිරීම සඳහා සතුන්
රඳවනයන් (Crush) නොතිබීම, ප්‍රමාණවත් ඉඩකඩ රහිත,
දිරාපත්වූ සහ
සෙවණ කළමනාකරණය නොකළ කූඩු වල සතුන් රැඳවීම වැනි තත්වයන්ද වාර්තාවී තිබෙනවා.
දිරාපත් වූ කූඩු
තුළ සතුන් රැඳවීම නිසා අවස්ථා තුනකදී සතුන් අස්ථානගත වී ඇති අතර
අවස්ථා හයකදී
වෙනත් සතුන් විසින් ප්‍රදර්ශනය කිරීම සඳහා රඳවා සිටින සතුන්ට තුවාල සිදුකර සහ
අවස්ථා පහකදී සතුන් මරා දමා ඇති බවයි විමර්ශනය මගින් අනාවරණයවී ඇත්තේ.
1965
අවුරුද්දේදී ශ්‍රී ලංකාව ලෝක සත්වෝද්‍යාන හා මින් මැදුරු සංගමයේ
සාමාජිකත්වය ලබාගෙන ඇති අතර එමගින් නිකුත් කර ඇති ආචාර ධර්මවලට අනුව කටයුතු කිරීමට
බැඳී ඇතත් 2016 සහ 2017
කාලසීමාව තුල එම
ආචාර ධර්ම නොසලකා දෙහිවල සත්ත්ව උද්‍යානයේ සිට වෙනත් සත්ත්ව උද්‍යානවලට සතුන් 29
දෙනෙක් මාරු කරඇති
බව ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙනවා. විමර්ශනයේදී හෙළිව ඇත්තේ එම හේතුවෙන් හම්බන්තොට
සෆාරි උද්‍යානයේ සිට දෙහිවලට ගෙනවිත් දමා ඇති හම්බාවන් දෙදෙනෙකු ද දෙමසක් ඇතුලත මරණයට පත්ව ඇති බවයි.
තවද රයිනෝසිරස්ගේ මළපහ නිසි පරිදි ඉවත් කිරීමට
කටයුතු නොකිරීම හේතුවෙන් එම මළපහ මගින් ආහාර දුෂණය වීමෙන් එම සත්වයා මාරාන්තික
රෝගී තත්ත්වයකට ගොදුරු වීම ඇතුළු අවාසනාවන්ත සිදුවීම් ගණනාවක් එම වාර්තාවේ සඳහන් කර තිබෙනවා.
මීට අමතරව පින්නවල අලි අනාථාගාරයේ උසාවි නියෝග
මත රඳවා සිටින අලි ඇතුන් 18දෙනා හේතුවෙනුත් සත්ත්ව හා සේවක සුබසාධක ගැටළු
පැන නැගී ඇති බව විමර්ශනයේදී අනාවරණයවී තිබෙනවා.
ආසියාවේ ප්‍රකට
අලි අනාථාගාර පහකට පැමිණි සංචාරකයින් තමන් එතුලින් ලබපු සංචාරක අත්දැකීම කෙරෙහි
නොසතුට පළකිරීමට හේතුවී ඇති කරුණු ගැන ලියුම්කරු ඇතුළු පර්යේෂකයින් පිරිසක් විසින්
2017
අවුරුද්දේ පලකළ විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකාවක් මගිනුත් අනාවරණය වුණේ පින්නවලට
පැමිණි සංචාරකයින් තම සංචාරක අත්දැකීම සම්බන්ධයෙන් නොසතුට පලකිරීමට ප්‍රධාන හේතුව
අලි ඇතුන්ට අකාරුණික ලෙස සැලකීම බව.
ඒ අනුව පැහැදිළි වෙන්නේ මහජන මුදලින් නඩත්තු වන
සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ඉහළ සිට පහළට නිලතල හොබවන, මහජනතාවගේ බදු මුදලින් වේතන සහ සැප පහසුකම්
ලබන බලධාරීන් සහ නිලධාරීන් තමන්ගේ භාරයේ සිටින මෙම අසරණ සතුන් වෙනුවෙන් තමන්ගෙන් ඉටුවිය යුතු රාජකාරිමය වගකීම නිසි පරිදි ඉටුකරලා නැහැ කියන එක. අතීතයේ ගෝත්‍රික ජනතාව පවා ප්‍රදර්ශනය කල සත්වෝද්‍යාන
ලෝකයේ පැවතුනත් අද වනවිට ඒ තත්ත්වය වෙනස් කරමින් වන සතුන් කූඩුකර තබන සත්වෝද්‍යාන
පවා ප්‍රතික්ෂේපකරන තත්ත්වයට ජන මතය වෙනස් වෙලා. නමුත් එවැනි පසුබිමක අපේ රටේ සත්වෝද්‍යාන
දෙපාර්තමේන්තුව ‘එක තැන පල්වීම’
කණගාටුවට කරුණක්. මෙසේ කූඩුගත කර තබන සතුන්ට අඩු තරමින් සෞඛ්‍ය
සම්පන්නව, පහසුවෙන්, මනා පෝෂණයක් ලබමින්, බියෙන් සහ ආතතියෙන් තොරව ආරක්ෂාකාරී ලෙස, සෙනෙහස ලබමින් තම ස්වභාවික හැසිරීම් රටාවන් ප්‍රකාශකිරීමට
ඉඩ කඩ ඇති පරිසරයක ජීවත්වීමට ඇති අයිතියවත් තහවුරු කිරීමට මනසින් උසස් යැයි
කියාගන්නා අප විසින් කටයුතු කලයුතුමයි. ඒ සඳහා බලධාරීන්ට සහ නිලධාරීන්ට බලකිරීම
අවිහිංසාව අගයන අප හැමගේම යුතුකමක් සහ වගකීමක්.
Comments
Post a Comment