දේශීයව නිර්ණය කරන ලද අපේක්ෂිත
දායකත්ව
(2019 11 18 දින)
දේශගුණ විපර්යාස ඇතිවීම පාලනය කිරීම සඳහා හරිතාගාර වායු විමෝචනය අවමකිරීමට ගෝලීය එකඟතාවයක් ඇතිකර ගැණීමට නොහැකිව ලෝක නායකයන් බරපතල කඹ ඇදිල්ලක යෙදී සිටි වකවානුවක ‘දේශීයව නිර්ණය කරන ලද අපේක්ෂිත දායකත්ව’ {Intended Nationally Determined Contributions (INDCs)} පිළිබඳ අදහස මුලින්ම කරලියට පැමිණියේ දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවරදී පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියේ පාර්ශව කරුවන්ගේ 17 වැනි සැසි වාරයේදී පත්කර ගන්නා ලද ක්‍රියාකාරී කණ්ඩායමක් තුලින්. පසුව 2013 අවුරුද්දේ පෝලන්තයේ වර්සොව් නුවරදී පැවති පාර්ශව කරුවන්ගේ 19 වැනි සැසි වාරයේදී ලෝක නායකයන්ට ආරාධනා කෙරුනේ තමන්ට අභිමත පරිදි එක් එක් රටවලට තමන්ගේම ‘දේශීයව නිර්ණය කරන ලද අපේක්ෂිත දායකත්ව’ සකස්කර සම්මුතියට ඉදිරිපත් කරන ලෙසයි. ඒ අනුව අනුන්ට ඇඟිල්ල දික්කරමින් හා වරද පටවමින් කාලය කා දැමු අතීතයට තිත තබා දේශගුණ විපර්යාස පාලනය කිරීම සඳහා කැපවීමට මෙම ‘දේශීයව නිර්ණය කරන ලද අපේක්ෂිත දායකත්ව’ ඉතා වැදගත් ආරම්භයක් ලබා දුන්නා.
එක් එක් රටවලට හරිතාගාර වායු
විමෝචන අවමකිරීමට හැකි ක්ෂේත්‍ර හා ඊට අදාළ ප්‍රමාණයන් වෙනස් විය හැකියි. එසේම
එක් එක් රටවල දේශගුණ විපර්යාසයේ බලපෑමට ලක්විය හැකි ක්ෂේත්‍ර හා අනුහුරුවීම් ප්‍රමුඛතා
ද වෙනස්විය හැකියි. ඒ අනුව දේශගුණ විපර්යාස පාලනයට
හා ඊට අනුහුරුවීමට තමන්ට හැකි ප්‍රමාණය තමන් විසින්ම තීරණය කර දේශගුණ විපර්යාසයට
එරෙහි ගෝලීය සටනට තමන්ට රටක් වශයෙන් ලබාදිය හැකි දායකත්වය කුමක්ද යන්න දැක්වීම ‘දේශීයව නිර්ණය කරන ලද අපේක්ෂිත
දායකත්ව’ මගින් අපේක්ෂා කෙරෙනවා.
දේශගුණ අභියෝගයට මුහුණදීමේ ගෝලීය
සටනට අනුග්‍රහය දක්වමින් අප රට මගින් නිකුත්කරන හරිතාගාර වායු විමෝචන අවම කිරීමට
හා දේශගුණ විපර්යාසයට අනුහුරුවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට අපේ රටත් මෙම ‘දායකත්ව’ සකස් කර තිබෙනවා. එමෙන්ම
පැරිස් දේශගුණ ගිවිසුම අපරානුමත කිරීමත් සමග අප රටද ඒවා ක්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තරය
හමුවේ වගකීමෙන් බැඳී සිටින අතර 2020 අවුරුද්දේ සිට ඒවා ක්‍රියාත්මක
කල යුතු වෙනවා. එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස
පිළිබඳ රාමුගත සම්මුතිය සමග කටයුතු කිරීම සඳහා ජාතික මට්ටමින් වගකීම පැවරී ඇති
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය මගින් ශ්‍රී ලංකාවට අදාලව මෙම ‘දේශීයව නිර්ණය කරන ලද අපේක්ෂිත
දායකත්ව’ සකස්කර භාරදී ඇති අතර ඒවා ක්‍රියාත්මක
කරවීම ආණ්ඩුවේ වගකීමයි.
දේශීයව නිර්ණය කරන ලද අපේක්ෂිත
දායකත්ව මගින් හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සඳහා ගනු ලබන තීන්දු තීරණ වලදී හා
අනුහුරු ක්‍රියාමාර්ග වලදී එහි බලපෑම මෙරට පුරවැසියන්ට විඳින්නට සිදුවන අතර දේශගුණ
විපර්යාස පාලනය වීම මගින් ලැබෙන ප්‍රතිලාභද ඔවුනට පෙරලා ලැබෙයි. නමුත්
ඒ පිළිබඳව ශ්‍රී ලාංකීය ජන සමාජය තුල ගැඹුරු සංවාදයක් ඇතිවී නොතිබීම කණගාටුවට කරුණක්. එබැවින්
ඒ පිළිබඳව හාරා අවුස්සා බැලීම කාලෝචිත බවයි ලියුම්කරුගේ අදහස.
අප රට විසින් දේශීයව නිර්ණය කරන
ලද අපේක්ෂිත දායකත්ව,
දේශගුණ
විපර්යාසය අවමකිරීම (Mitigation), අනුහුරුවීම (Adaptation),
අලාභ
හා හානි (Loss and Damage) සහ ක්‍රියාත්මක කිරීමේ මාර්ග යන ප්‍රධාන
කොටස් හතරක් යටතේ දක්වා තිබෙනවා. දේශගුණ විපර්යාස අවමකිරීම සඳහා හරිතාගාර
වායු විමෝචනය අවමකල යුතුයි. ඒ සඳහා මෙරට තුල යෝජනාකර ඇති
ක්ෂේත්‍ර වන්නේ බලශක්ති,
ප්‍රවාහන, කර්මාන්ත, ඝන අපද්‍රව්‍ය හා වනාන්තර යන
ක්ෂේත්‍රයි. එමගින් ජනනය වන කාබන් ඩයොක්සයිඩ්, මීතේන් හා නියිට්‍රස් ඔක්සයිඩ්
යන හරිතාගාර වායු විමෝචන අවමකිරීම කෙරෙහි අවධානය යොමුකර තිබෙනවා.
එසේම අනුහුරුවීම යටතේ දේශගුණ
විපර්යාසය හමුවේ දැඩි ලෙස අවධානමට ලක්වන ප්‍රජාවන් හා ක්ෂේත්‍ර හඳුනාගෙන ආරක්ෂක ක්‍රියාමාර්ග
ගැනීමට අවධානය යොමු කෙරෙනවා. ඒ යටතේ හඳුනාගෙන ඇති අවධානම්
ක්ෂේත්‍ර වන්නේ මහජන සෞඛ්‍ය, ආහාර
සුරක්ෂිතතාව (කෘෂිකර්ම, සත්ව පාලන හා ධීවර ක්ෂේත්‍ර
ඇතුලත්ව), ජල හා වාරිමාර්ග, වෙරළ හා සාගර, ජෛවවිවිධත්ව, නාගරික
යටිතල පහසුකම් හා ජනාවාස සහ සංචාරක යන ක්ෂේත්‍රයි.
ආන්තික දේශගුණ බලපෑම් මගින්
ඇතිවන අලාභ හා හානි පිළිබඳව ක්‍රියාකිරීම සඳහා ශ්‍රී ලංකාව වර්සොව් ජාත්‍යන්තර
යාන්ත්‍රණය අනුව ගිය දේශීය යාන්ත්‍රණයක් සකසා ගැනීමට අපේක්ෂා කරන අතර මේ සියලු දෑ
ක්‍රියාත්මක කිරීමේ මාර්ග සකසා ගැනීමේදී අවශ්‍ය වන මුදල්, තාක්ෂනය හා ධාරිතා වර්ධනය සඳහා
දේශීය හා විදේශීය සහාය අපේක්ෂා කරයි.
රටේ පුරවැසියන් වශයෙන් අප මේ
පිළිබඳව දැනුවත්වී සිටීම හා උනන්දුවීම අත්‍යාවශ්‍ය අතර දේශගුණ විපර්යාසයයේ බලපෑමට
මේ වනවිටත් මුහුණදී සිටින,
අනාගතයද
අවධානමේ පවතින ජනතාවක් වශයෙන් රටේ පාලකයන් දේශගුණ විපර්යාස පාලනයට හා ඊට
අනුහුරුවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නේද යන්න සම්බන්ධයෙන් අවදියෙන් පසුවිය යුතුයි. ඒ
සඳහා ඇති හොඳම මිනුම් දණ්ඩක් ලෙස ‘දේශීයව නිර්ණය කරන ලද අපේක්ෂිත
දායකත්ව’ හඳුන්වන්න පුළුවන්.
Comments
Post a Comment