ජීවී විශේෂ සංරක්ෂණය
(2019 04 22 දින)
‘අපේ ජීවී විශේෂ රැකගනිමු’ කියන තේමාව මුල්කර ගනිමින් ලොව පුරා ජනතාව අදට (22)
යෙදී
ඇති මිහිතල දිනය සමරනවා. මුළු මහත් ලෝකයේම ජීවත්වෙන ක්ෂීරපායීන්, පක්ෂීන්, මත්ස්‍යයින්, උරගයින්, උභයජීවීන්, කෘමීන් වැනි සුවහසක් සතුන් වගේම ශාක විශේෂත් මේ
වෙනකොට සීග්‍රයෙන් මිහිතලයෙන් සමුගනිමින් සිටින්නේ මිනිසුන් වන අපගේම කියුම්, කෙරුම් නිසා මයි. සීග්‍රයෙන් වැඩිවන මිනිස් ජනගහනයේ ඕනෑ එපාකම් සරිකර දීම සඳහා ගහකොළ
සතා සිව්පාවුන් ලක්ෂ ගණනින් තම නිජබිම් වලින් වගේම ජීවිත වලින් වන්දි ගෙවමින්
සිටින්නේ ඉතාම කණගාටුදායක විදිහටයි. ඉතින් ඒ විදිහට අසරණවෙලා ඉන්න අපේම නෑදෑයින්
ආරක්ෂාකර ගැනීමේ යුතුකම සහ වගකීම පැවරිලා තියෙන්නෙත් අපේම කර මතම තමයි.
මීට
අවුරුදු මිලියන ගණනකට ඉස්සර ඉඳන් මේ මිහිතලයේ ජීවත්වුණු සතා සිව්පාවුන් වගේම ගහකොළ, මීට කෙටි කාලයකට පෙර මිහිමත පහලවුණු
සොබාදහම් මවගේ නොහික්මුණු පුත්‍රයාට තමන්ගේ වාසභූමියේ ඉඩක් වෙන්කරදුන් දවසේ ඉඳන්ම, ඌ සිදුකලේ තමන්ට ඒ අවසරය ලබාදුන් නෑදෑයින්
වනසා දැමීමට කටයුතු කිරීමම තමයි. මේ වෙනකොට වන සතුන් ආයාසයෙන් තම ජීවිත ගැටගහගෙන හිටපු භූමි ප්‍රමාණයෙන් සියයට අසූ
තුනක් මිනිසුන් විසින් ආක්‍රමණය කරලා, ගොඩබිම වගේම සාගරයේ ජීවත්වූ සතුන්ගෙන් සියයට හතළිහක් පමණ මරා දමලා. අතීතයේ නොදියුණු මානවයින් හැටියට තම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට එසේ සිදුකිරීම කොහොම හරි සාධාරණීකරණය කරන්න
පුළුවන් වුනත් ‘මනසින් උසස්’ යැයි කියාගන්නා නූතන මානවයින් විසින් සිදුකරන මේ සංහාරය
නම් කොහොමවත් අනුමත කරන්න බැහැ.
ලෝකයේ
විවිධ ප්‍රදේශවල සිදුකෙරෙන වන සත්ත්ව සංහාරයට එක් ප්‍රධාන හේතුවක් තමයි මිනිසුන්ගේ ඔළුගෙඩි වල පිරිලා තියෙන මිත්‍යාව සහ අවිද්‍යාව, අපේ රටෙත් එම තත්ත්වය ඒ විදිහමයි. ඒ නිසා සංරක්ෂණය සම්බන්ධ ඇල්මැති පාර්ශව
වල එක් වගකීමක් තමයි එම වැරදි මත දුරුකිරීම සහ තවදුරටත් පැතිරීම වැලැක්වීම. නමුත් තමන්ට පැවරී තියෙන ඒ වගකීම කොතරම්
දුරට නිවැරදිව වටහාගෙන ඒ වෙනුවෙන් අපි කටයුතු කරනවද කියන එක ප්‍රශ්නයක්. වැඩිය දුර අතීතයට නොගිහින් පසුගිය 18
වැනිදා
කුමන ජාතික උද්‍යානයේදී කොටියෙකු විසින් සිදුවූ පහරදීම සම්බන්ධයෙන් අපේ රටේ ජඩමාධ්‍ය සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතුකළ
ආකාරයෙන් ඒ නිරුවත හෙළිදරව් වුනා.
ඇතැම්
මාධ්‍ය මෙම සිදුවීම වාර්තාකර තිබුණේ ‘වියරු වැටී මිනිසුන් පසුපස හඹා යන සද්දන්ත
කොටියෙක්’ විසින් සිදුකළ දෙයක් ලෙසයි. ඒ වගේම මෙහිදී ජාතික උද්‍යාන තුල සංවර්ධන කටයුතු සිදුකරන
කොන්ත්‍රාත් කරුවන්ට ආරක්ෂාව ලබාදීමට ඇති වගකීම පැහැර හැරි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ‘මෙම සතා මීට පෙරත් පැමිණ මිනිසුන් දඩයම්
කිරීමට උත්සාහ කර ඇතැයි’ පවසමින් තවදුරටත් මිත්‍යාවම පතුරුවමින් ඇඟ බේරාගැනීමද කොතරම් ජුගුප්සාජනක ද යන්න පරිසර
ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අඹ මල් රේණුවක තරම් හෝ දැනුමක් ඇති
කිසිවෙකුටත් අමුතුවෙන් පැහැදිලිකර දියයුතු නැහැ.
වනජීවී
සංරක්ෂණයට බාධාවක්ව පවතින දුර්මත දුරලීම සඳහා තමන් වෙත පැවරී ඇති සංකීර්ණ
වගකීම ඒ සඳහා කැපවිය යුතු ප්‍රධාන ඇල්මැති පාර්ශව දෙකක් වන ජනමාධ්‍ය සහ රේඛීය
දෙපාර්තමේන්තුව නිවැරදිව වටහාගෙන ඒ අනුව කොතරම් දුරට ක්‍රියාකර ඇද්ද යන්න මෙම අහඹු
සිදුවීම අරභයා ඔවුන්ගේ හැසිරීමෙන්ම මානව පිළිබිඹු වෙනවා. කොටින් විසින් මිනිසුන්ට පහර දීම හෝ
ගොදුරුකර ගැනීම හුදෙලකා අහඹු සිදුවීමක් බවත්, බොහෝ විට සිදුවන්නේ මිනිසුන්ට මුණගැසෙන
කොටින් වහාම ඉවත්වී යාම බවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හෝ ඔය කියන මාධ්‍යවේදීන්
නොදන්නවා නොවෙයි. නමුත් කණගාටුවට කරුණ වන්නේ, මනුෂ්‍ය ඝාතනයක් සිදුවූ පමණින් තමන් දන්නා සත්‍ය
වෙනුවෙන් එඩිතරව පෙනී සිටීමට ඔවුන් පැකිලීමයි. එමගින් තවදුරටත් සමාජගතවන හුඹස් බිය හේතුවෙන් අපේ රටේ කොටි
සංරක්ෂණයට එල්ලවිය හැකි බලපෑම කොතරම්දැයි ඔවුන් මොහොතකටවත් සිතුවානම් මෙවැනි වැරදි
මතයක් සමාජ ගතවීම වැළකීමට ඉඩ තිබුණා.
ශ්‍රී
ලංකාවේ ජීවත්වෙන කොටියා අයිති වෙන්නේ Panthera
pardus kotiya කියන උප විශේෂයට. ඒ උප විශේෂය අපේ රටට ආවේණිකයි. ඒ වගේම 2012 ජාතික රතු දත්ත ලේඛණයට අනුව කොටිය වඳවීයාමේ
තර්ජනයට ලක්වූ සතෙක්. ඉතින් එහෙම සතෙක් ගැන වැරදි අදහසක් මිනිස්සුන්ගේ ඔළුගෙඩි වලට යන
එක කොච්චර බරපතලද ? දිවයිනේ කඳුකර ප්‍රදේශවල ජීවත්වෙන කොටින් සහ ඒ ප්‍රදේශවල
ජීවත්වෙන වතු කම්කරු ජනතාව අතර ඇතිවෙලා තියෙන ගැටුම වෙනුවෙන් කොටින් කීදෙනෙක් තම ජීවිත වලින් වන්දි ගෙවලා ඇත්ද ? කොටින්ගේ පහරදීම් අහඹු සිදුවීම් බව ඒ ප්‍රදේශවල
ජීවත්වෙන ජනතාව දැනුම්වත් කරන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවම කුමනදී කොටි
සම්බන්ධයෙන් වෙනම න්‍යායක් අනුගමනය කිරීම වගේම, මිනිසුන් අතර අනියත බියක් ඇතිකරමින් හෝ තමන්ගේ වාර්තාවලට ප්‍රසිද්ධියක් ලබාගැනීමට ඇතැම්
මාධ්‍යවේදීන් ක්‍රියාකිරීම මගින් සිදුවන්නේ අපේ රටේ කොටි සම්පත
මිහිමතින් තුරන්වීමේ සීග්‍රතාවය දශමයකින් හරි ඉහළ යාම පමණයි. මෙය කොටින්නට පමණක් නොවෙයි, අලි ඇතුන්, කිඹුලන්, සර්පයින්, උරගයින් වාගේ තවත් බොහෝ සත්ත්ව විශේෂ වලට
පොදු ධර්මතාවයක් බවත් අපි අමතක නොකළ යුතුයි.
ඒ
නිසා අපේ රටට හිමිවෙලා තියෙන සුවිශාල ජීවී විශේෂ විවිධත්වය ආරක්ෂාකරගැනීම සඳහා
තමන් වෙත පැවරී ඇති වගකීම හරිහැටි තේරුම් අරගෙන ඒ අනුව ක්‍රියාකරන්න හැමෝම අද
ඉඳන්වත් අධිෂ්ඨාන කරගන්නවානම් ‘අපේ ජීවී විශේෂ රැකගන්න’ ඒකත් ලොකු උදව්වක්.
Comments
Post a Comment